නවතම පොලිස් රොබෝ යන්ත්‍රය C.R.A.B.
C.R.A.B. ලෙස හඳුන්වන මේ නවතම රොබෝ බලඇණිය හඳුන්වා දීමත් සමඟම පොලිසිය 21වෙනි සියවසට විප්ලවකාරී වෙනසක් සමග පැමිණියා යයි අර්ථකථනය කල හැක. C.R.A.B. නම් මේ රොබෝ පද්ධතිය හා ඒ ආශ්‍රිත කෘතීම බුද්ධිය නිර්මාණය කිරීම ඉතා රහසිගතව වසර 12ක් පුරාවට සිදුකෙරි තිබෙන්නේ Dalton/Stanley සහ Omni-Corp යන සමාගම් දෙකේ අනුග්‍රහයෙනි. මොවුන්ගේ මේ නව ව්‍යාපෘතිය දැනට ලෝකයේ පවතින ඉහලම මට්ටමේ ආරක්ෂක පද්ධතියක් නිෂ්පාදනය කරන්නට සමත්වෙලා තියනවා. මේ යන්ත්‍ර නුදුරු අනාගතයේ දී ඇමරිකාවේ පොලිස් බල ඇණි තුල දැකගැනීමට ඉඩ සැලසෙනවා.
“මට ඕන වුනේ සාමාන්‍යයෙන් භාවිතා වන කකුල් දෙකේ රොබෝ යන්ත්‍ර වලට වඩා තරමක් වෙනස් යන්ත්‍රයක් හදන්න. මට අත්හදා බලන්න ඕන වුනා කකුල් ගොඩක් එක්ක තියන රොබෝ යන්ත්‍රයක්. මේ සඳහා මන් කකුළුවෝ සහ කෘමීන්ගේ ශරීර හැඩය හොඳින් නිරීක්ෂණය කරා” යැයි මෙහි නිමැවුම් කරු පවසා සිටියා.
මෙය නිකන් අසත්‍ය මිත්‍යා නිර්මාණයක් වගේ පෙන්න පුළුවන්. හැබැයි අපි මේක සැබවින්ම නිර්මාණය කරනවා. C.R.A.B. – Computerized Autonomous Remote Barricade – රොබෝ යන්ත්‍රය විශාල කකුළුවෙක් වගේ. මේ විස්තර සටහන්ව තිබුනේ මෙහි බාහිර ස්වරුපය සැලසුම් කල Jamie Martin ගේ වෙබ් අඩවියේ. මෙහි ඇති පරිගණක පද්ධතිය මගින් අනෙකුත් රොබෝ යන්ත්‍ර, සහ තමන්ගේ සගයන් හඳුනා ගැනීම වගේම, රබර් උණ්ඩ, තුවක්කු සහ කඳුළු ගෑස් එල්ල කල හැකි පද්ධති වලින්ද සමන්විතයි.
මේ අනුව අපිට පැහැදිලි වෙනවා මෙහි නිමැවුම් කරු මෙය නිසියාකාරව නිර්මාණය කර ඇති බව. එහි සියලු සැලසුම් සකසා අවසානයි. ඉතිරිව ඇත්තේ මෙයට මුල්‍ය සම්පාදන ලබා දී නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පමණි



Post a Comment