මුළු ලෝකයම පුදුමයට පත් කළ නැති වුනු නගරය
නැතිවූ නගරය කියන්නේ පුරාවෘතයක්.
මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව තිබි නැතිවී ගිය නගරයක් ගැන තොරතුරැ ග්‍රීක පුරාවෘතවල වගේම, පර්සියානු ජනකතාවලත් දැක්වෙනවා.
ග්‍රීක පුරවෘතයන්ට අනුව මේ නගරය සියුස් දෙවියන් නිර්මාණය කළ, පසුව සියුස් දෙවියන් විසින් ම මුහුදේ ගිල්වූ නගරයක් විදිහට.
පර්සියානු ජනකතාවලට අනුව මේ නගරය මුහුදේ ගිලෙන්නේ භුමි කම්පාවකින්.
මේ නගරයේ බවට සැලකෙන නටඹුන්, ග්‍රීසිය ආසන්න මධ්‍යධරණී මුහුදේ තිබී ගවේෂකයන් පිරිසක් සොයාගත්තේ 2011 දී.
මේ සොයාගැනීමත් එක්ක මුළු ලෝකයම විශ්මයට පත්වුණා.
හැබැයි මේ කියන්න යන්නේ ඊටත් වඩා පුදුම තොරතුරක්.
මේ නගරය මිනිස් නිර්මාණයක් නෙමෙයි ලු.
වසර මිලියන ගණනක් තිස්සේ සොබාදහම විසින් කළ නිමවුමක් තමයි මේ . මෙහි තියෙන සුමට රවුම් කුළුණු, මධ්‍යධරණී මුහුදේ දිය රළ සහ වැලි පාෂාණවල ගැටීමේ ප්‍රතිඵලයක්.
මෙවැනි නගරයක් නිමවෙන්න පෘථිවියේ ජිවය පහලවෙන්නත් පෙර ඉඳන් ම පසුබිම් සකස්වෙන්න ඕන කියලත් මේ ගවේෂකයෝ කියනවා.
ඒ නිසා, මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව කිමිදුණු පැරැන්නෝ, මේ නගරය මුහුදේ ගිලුණු මිඉනිස් නිමවුමක් කියල වරදවා වටහාගෙන මේ පුරාවෘත නිමවුවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, ඔවුන් මේ නගරයේ ඇත්ත කතාව දැන දැනත්, ඒ අයගේ නිර්මානාත්මක හැකියාවෙන් මේ නගරය ගැන කතා ගෙතුවා වෙන්නත් පුළුවන්.






Post a Comment