ලෝකයේ අසිරිමත් දේ පෙන්වන ඡායාරූප එකතුවක්
අපි ජිවත් වන මේ ලෝකය සුන්දර ස්ථානයක්. අප වටා ස්වභාවධර්මයේ විශ්මිත , සුන්දර වගේම අපූරු නිර්මාණ බහුලව දකින්න ලැබෙනවා. නමුත් අවිවේකි ජිවිත ගත කරන අපිට පරිසරයේ ඇති මේ සුන්දරත්වය විඳීමට බොහෝවිට අමතක වෙනවා. මේ පරිසරයේ ඇති සුන්දරත්වය විඳීමට අමතක වන අපිට ඒ දේ මතක් කරන්න මහන්සි ගන්න පිරිසක් තමයි ඡායාරූප ශිල්පින්. ඔවුන්ගේ කාලය හා ශ්‍රමය වැය කරමින් ඔවුන් ලෝකයේ අසිරිමත් බව අපිට දවසින් දවස මතක් කරලා දෙන්න ඔවුන් ඉටු කරන කාර්යභාරය අනර්ගයි. මේ තියෙන්නේ ඒ වගේ අපූරු ඡායාරූප පෙළක්.
Berchtesgaden ජාතික උද්‍යානය, බැවෙරියාව , ජර්මනිය

බහමාස් හි දියයට කුඩා සබ්මැරින් යාත්‍රා ආධාරයෙන් පිහිනීම.

ලෝකයේ විශාලම මකුළු විශේෂය : ගොලියත් මකුළුවෙක්. කුරුල්ලන්ව ආහාරයට ගන්නවා

උණු දිය උල්පතක් , යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය , ඇමෙරිකාව

කිලෝමීටර 11ක් දිග මේ අපූරු පාලම පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වල

ස්පාඤ්ඤය යේ තරඟයක් අතරතුර නිරූපනය කෙරුණු මිනිස් කුළුණක්

ගොළුබෙල්ලෙක් දිය බිඳුවක් පානය කරමින්

ජාත්‍යන්තර වායු බැලුන් සැණකෙළිය , එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර (Bristol, UK)

ඇලි මොණරෙක් එහෙම නැතිනම් සුදු මොණරෙක්

“Open Water” ලෙස හැඳින්වෙන මේ අපූරු සිතුවම කන්වසයක් මත තෙල් සායමින් නිර්මාණය කලේ රෑන් ඔට්නර් (Ran Ortner) කියන ශිල්පියා. බලන්න එහි සජීවී බව !





Post a Comment